Tower Hall Theatre Foundation

Sinhala (Sri Lanka)English (United Kingdom)

X மூடு
நீங்கள் இங்கே உள்ளீர்கள்:  முகப்பு செய்தி නවක නාට්‍ය හා රංග කලා ගුරුවරුන් 56 ක් අධ්‍යාපන පද්ධතියට එක්වේ

නවක නාට්‍ය හා රංග කලා ගුරුවරුන් 56 ක් අධ්‍යාපන පද්ධතියට එක්වේ

නවක නාට්‍ය හා රංග කලා ගුරුවරුන් 56 ක් අධ්‍යාපන පද්ධතියට එක්වේ

 

අධ්‍යාපනවේදී උපාධිධාරීන් 56 දෙනෙක් ද නාට්‍ය හා රංග කලා ගුරුවරුන් ලෙස අධ්‍යාපන පද්ධතියට එක්වේ.

 

2016 නොවැම්බර් 30 වන දින  අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති නව තාක්ෂණ විෂයය ධාරාවට හා නාට්‍ය හා රංග කලාව විෂයට අදාළව ගුරු පත්වීම් පිරිනැමීමේ උත්සවයේ දී අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම්  මැතිතුමාගේ අතින් මෙම නවක ගුරුවරු තම පත්වීම් ලිපි ලබා ගත් හ.


මෙදින පත්වීම් ලබාගත් අධ්‍යාපනවේදී  නාට්‍ය හා රංග කලා උපාධිධාරීන්  ටවර් හෝල් රඟහල පදනම හා ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය එක්ව ක‍්‍රියාත්මක කරන අධ්‍යයන වැඩසටහනක මහඟු ප‍්‍රතිඵලයකි.


මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ ටවර් හෝල් රඟහල පදනමෙහි අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප‍්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


 

 

 

Photo Credit Goes to MOE Media unit

LAST_UPDATED2  
டவர்ஹோல் மண்டபம்
எலிபின்ஸ்டன் மண்டபம்
ருக்மணிதேவி மண்டபம்
நாடக பாடசாலை
ஒலிகூடம்
பஸ்வண்டி சேவைகள்
டவர்ஹோல் வெளியீடுகள்
பாட்கண்டே

மேலே