Tower Hall Theatre Foundation

Tamil (Sri Lanka)English (United Kingdom)

x ඉවත්වන්න
ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන හැදින්විම

හැදින්විම

අපගේ මෙහෙවර

ශ්‍රී ලංකාවේ සංස්තෘකිත පරිසරයේ පොහොසත් බව සහ විවිධත්වය සලකා බලමින් ටවර් හෝල් රඟහල පදනම ප්‍රසාංගික කලා නාට්‍ය සම්ප්‍රදාය වර්ධනය කිරිමේ වගකිම බාරගන්නා අතර පහත සදහන් වගකීම් වෙනුවෙන්ද කැපවී සිටි.

  • දේශීය සාම්ප්‍රදායික නාට්‍ය කලාව පෝෂණය කිරිම.
  • පැරණි යුගයේ කලාකරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන්ගේ ශුභසාධනය සැලසීම.
  • සාම්ප්‍රදායික නාට්‍ය ආකෘති පිළිබඳ ජනතාවගේ උනන්දුව වැඩි කිරිම්.
  • පූර්ව විනෝදාස්වාදයක් ලබා දෙන සංස්කෘතික පසුබිමක් සපයමින් ජනාතාවගේ ජීවන තත්වයේ ගුණාත්මකභාවය ඉහල නංවා ලීම.
  • රටෙහි ජනවාර්ගික හා ආගමික සමගිය වර්ධනය කරමින් ශ්‍රී ලංකාව ‍ඓතිහාසික කලා ආකෘතින්ගේ කලාගාරයක් බවට පත් කිරිම.
  • කලා කටයුතුවල නියැලී අනුබද්ධ ආයතනයන්හි  කටයුතු හා අනුශාංගික සේවාවන් සැපයීම ටවර් හෝල් පදනම යටතේ සිදු කෙරෙන අතර එය කොළඹ 07, විජේරාම මාවතෙහි පිහිටා ඇත.

හැඳින්වීම

1978 අංක 1 දරණ ටවර්හෝල් රඟහල පදනම පහත යටතේ සංස්ථාපිත ටවර් හෝල් රඟහල පදනමෙහි ප්‍රධාන කාර්යාලය කොළඹ 07, විජේරාම මාවතේ සව්සිරි පායෙහි පිහිටා ඇත.

පදනමෙහි මූලික අරමුණූ

පදනමෙහි අරමුණු හා ඉලක්ක පහත පරිදි වේ.

  • ජාතික නාට්‍ය කටයුතු ප්‍රවර්ධන හා ධෛර්යමත් කිරිම.
  • නාට්‍ය භාවිතය පිළිබඳ දැනුම අවබෝධය පිළිබඳ කරුණු වර්ධනය කර ප්‍රචාරය කිරිම.
  • නාට්‍ය කලාකරුවනට සහ ශිල්පීන්ට මූල්‍යාධාර සැපයීම සහ කලාකරුවන් පුහුණු කිරිමෙහිලා සහාය වීම.
  • ගීත නාට්‍ය, නර්තන නාට්‍ය, සංගීත නාට්‍ය අත්හදා බැලීම හා වේදිකාගත කිරිම.
  • ඉහත අරමුණු ඉටු කර ගැනීම ටවර් හෝල් රඟහල ජාතික සිහිවටනයක් ලෙස ප්‍රතිසංස්කරණය කර ආරක්ෂා කර පවත්වා ගැනීම ඇතුළුව ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩලය සුදුසු යැයි තීරණය කරනු ලබන වෙනත් අරමුණූ සඳහා යෙදවීම.

අනෙකුත් අරමුණු

  • 1978 ටවර්හෝල් රගහල පදනම පනත මගින් නියම කරන ලද අරමුණූ වලට අමතරව විෂය භාර ගරු ඇමතිතුමාගේ (සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය) අනුමැතිය සහිතව අධ්‍යක්ෂ ජනරාල්ගේ මූලිකත්වයෙන් ඉටු කරනු ලබන පහත සදහන් කාර්යයන් මේයටතෙහි ලා ගැනේ.
  • ජාතික නාට්‍ය කටයුතු වර්ධනය කිරිම හා ප්‍රචාරණය කිරිමත්, ප්‍රකට හා අප්‍රකට නූර්ති ගී ආරක්ෂා කිරිම හා නාට්‍ය‍වේදි රංගන ආකෘතින්හි ගුණාත්මක බව වර්ධනය කිරිම.
  • ගුණාත්මක නාට්‍ය නිෂ්පාදනය හා එකි නාට්‍ය දිවයින පුරා ග්‍රාමීය හා නාගරිකව ප්‍රදර්ශනය කිරිම තුලින් ලැබෙන අරමුදලින් ප්‍රවීන කලාකරුවනට මුදලින් ආධාර කිරිම.
  • කලා කටයුතු වල යෙදෙන සාම්ප්‍රදායික හා ප්‍රසාංගික කලාකරුවනට ක්ෂ්‍රේත්‍රයේ ප්‍රවීන වෛද්‍යවරුන් ලවා පරීක්ෂාකර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර, පදනමෙහිම වියදමින් ලබා දීම. නැගී එන ප්‍රතිභා සම්පන්න කලාකරුවනට අදාල ක්ෂ්‍රේත්‍රයේ ප්‍රවීන ආචාර්යවරු මගින් ක්‍රමවත් පුහුණුවක් ලබා දීම.
  • නාට්‍ය හා සංගීත අධ්‍යාපනයට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ ලබා දීම.
අවසන් යාවත්කාලීනය : 2012 නොවැම්බර් 13 වෙනි අඟහරුවාදා, 06:45  

නැවත ඉහලට