Tower Hall Theatre Foundation

Tamil (Sri Lanka)English (United Kingdom)

x ඉවත්වන්න
ඔබ මෙතනයි:  මුල් පිටුව ටවර් හෝල් හැදින්විම

හැදින්විම

ටවර් හෝල් රඟහල පදනම අපේ ජාතික උරුමයකි. අනගාරික ධර්මපාල, පියදාස සිරිසේන, කර්නල් ඕල්කට් ආදි අපේ ජාතික අභිවෘධියේ පුරෝගාමින් ලෙස සැලකෙන ප්‍රමුඛ පෙලේ ජාතික නායකයෝ මෙම ඓතිහාසික රඟහල සිය සංවර්ධන කටයුතු සඳහා යොදා ගත්හ.

අශ්ව ඉස්තාලයක් වශයෙන් පැවතුණ මේ ස්ථානය 1911 දී සංවර්ධනය කරනු ලැබ ටවර් හෝල් නමින් ප්‍රථම ස්ථාවර රංග ශාලාව බවට පත් විය. ශ්‍රී ලංකාවේ නාට්‍ය සංස්කෘතියක් බිහි කිරිමට පුරෝගාමි වූ ටවර් රඟහල වර්තමානයේ නාට්‍ය සහ සංගීතමය ප්‍රසංගවලට විශාල රුකුලක් වූ අතර , සිය දහස් ගණන් ජනතාවගේ ප්‍රශංසාවට ලක්වී තිබේ. වර්ෂ 1978 අංක 01 දරණ ටවර් හෝල් රඟහල පදනම පනත යටතේ දිවංගත ආර්.ප්‍රේමදාස ජනාධිපතිතුමා මෙම රඟහල පදනමක් බවට පත් කළේය. මේ සමඟ ටවර් රඟහල නවිකරණය කර නවීන විදුලි උපකරණ සවිකරන ලදී.

කොළඹ 10, මරදාන, පංචිකාවත්ත පාරේ පිහිටි ටවර් රඟහල ආරම්භයේ සිටම ශ්‍රි ලංකාවේ කලාකාමින්ගේ විභූතිමත් විම සිදු විය. එහි ඇති ඔරලෝසු කණුව මෙම රඟහලේ කීර්තිය විහිදුවයි. මෙම ප්‍රමුඛ රඟහල දශක ගණනක් තිස්සේ සාමාජ සහ සංස්කෘතික ප්‍රශ්නවලට දෝලනය වෙමින් පැවතින. යුරෝපීය සංස්කෘතියේ ආගමනයත් සමග එය විශාල තීරණාත්මක වෙනසකට මුහුන දෙනු ලැබීය.

මෙම මූළු ගොඩනැගිල්ල රුපියල් මිලියන 32 ක වියදමින්, එහෙත් එහි ඓතිහාසික ලක්ෂණ ආරක්ෂා කර ගනිමින් නවීකරණයට භාජනය කරන ලදී. එය උත්සවාකාරයෙන් නැවත වීවෘත කරන ලද්දේ වර්ෂ 2000 අගෝස්තු 16 වන දිනය.

මෙම ප්‍රතිසංස්කරණයත් සමග ආසන සංඛ්‍යාව 856 දක්වා වැඩි කර ඇත. එහි කළමණාකරණ මණ්ඩලය ප්‍රේක්ෂකයන්ට සහ මහජනයාට පහත සඳහන් පහසුකම් සලසයි.

ආපන ශාලාව මගින් ආහාරපාන සපයනු ලබයි. හොදින් පවත්වාගෙන යනු ලබන කෞතුකාගාරයෙන් ටවර් හෝල් යුගයේ ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඇඳුම පැළඳුම් සහ පුරාණ නාට්‍යවල පිටපත් දැකබලා ගැනීමටද දුලභ අවස්ථාවක් සලසයි.

නාට්‍ය හා අනෙකුත් ප්‍රසාංග සඳහා ඇදුම් පැළඳුම් කුලියට දෙනු ලබයි. තවද නවීන විදුලි ආලෝකය සහ ශබ්ද උපකරණ පද්ධතිය සමඟ විශාල වේදිකාවක පහසුකම් ද මෙම රඟහල මගින් සැපයේ. (ජපන් රජය මඟින් පරිත්‍රාග කර ඇත.)

ඇමතුම් තොරතුරු

ලිපිනය : ටවර් හෝල් රඟහල
පංචිකාවත්ත පාර,
මරදාන,
කොළඹ 10,
ශ්‍රි ලංකාව.
අමතන්න : කළමණාකරු
දුරකථන : +94 11 2431878
ඉ-තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
අවසන් යාවත්කාලීනය : 2012 නොවැම්බර් 13 වෙනි අඟහරුවාදා, 10:28  

නැවත ඉහලට