Tower Hall Theatre Foundation

Tamil (Sri Lanka)English (United Kingdom)

x ඉවත්වන්න

හැදින්විම

වර්ෂ 1980 ඔක්තෝම්බර් මාසයේදි රුක්මණිදේවි කේන්ද්‍රය ආරම්භ කරන ලද්දේ දිවංගත රුක්මණිදේවී සිහිකරනු සඳහා එතුමිය උපන් ප්‍රදේශයේ ජනතාව විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙනි. මෙම මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ කොළඹ නගරයට කි.මි.40 කට දුරින් පිහිටි ඇගේ උපන් බිම වූ මිගමු නගරයේ ය.

මෙම ප්‍රදේශයේ ක්‍රිස්තියානුවෝ පරම්පරා ගණනක් පුරා පාස්කු නාට්‍යය පෝෂණය කරමින් පවත්වාගෙන යති. එසේම මෙම මධ්‍යස්ථානය මගින් විශේෂ පාස්කු වැඩසටහන් සහ පාස්කු වැඩමුළු ආදීය සංවිධානය කරනු ලැබේ. වර්තමාන ප්‍රාසාංගික කලා කරුවන්ට ප්‍රතාපවත් ස්තම්බයක් වෙමින් අපරිමිත මෙහෙයක් කළා වූ දිවංගත ගායිකාව සහ රංගාධාරිණිය පිළිබඳ මතකය අවදි කිරිම සඳහා වාර්ෂිකව ඇය වෙනුවෙන් ස්මරණ උත්සව පවත්වනු ලැබේ. එහි ඇති කෞතුකාගාරයෙහි ඇය විසින් පරිහරණය කරන ලද විවිධ ඇඳුම් පැළඳුම් සහ එහි ඇති ආභරණ, ඇය රඟපෑ චිත්‍රපට වල තෝරාගත් ඡායාරූප ද ආරක්ෂා සහිතව තබා ඇත. අපගේ මතකයේ තවමත් රැදි ඇති ඇය ගැයූ ගීතවල සවන් දීම සඳහා නවීන උපකරණ සහිත ශාලිකාවක් තුල පහසුකම් සලසා ඇත.

සංගීතය සහ නර්තනය උගන්වන ගුරුවරුන් විසින් දිනපතා සහ සති අන්ත පන්ති පවත්වාගෙන යනු ලැබේ. ටවර් හෝල් රඟහල පදනම අනුග්‍රහය මත මේ මධ්‍යස්ථානය විසින් මීගමුව ප්‍රදේශයේ ශිෂ්‍යයින්ට මාසිකව රු. 250/- වටිනා ශිෂ්‍යත්ව 50ක් ප්‍රදානය කරනු ලැබේ.

රුක්මණි දේවී කේන්ද්‍රය 500 ක් වූ පිරිසකට ආසන පහසුකම් සලසයි. සාධාරණ ගාස්තු මත එය නාට්‍ය, විවිධ ප්‍රසංග, ප්‍රදර්ශන ඇතුළු වෙනත් උත්සව පැවැත්වීම සඳහාද වෙන් කරවා ගත හැක.

වෙන්කරවා ගැනීමට

කළමණාකරු,
රුක්මණීදේවි රංගන ශීල්ප කේන්ද්‍රය - මීගමුව
රුක්මණීදේවි මාවත,
මීගමුව.

දුරකථනය: +94 031 2222342

අවසන් යාවත්කාලීනය : 2012 නොවැම්බර් 13 වෙනි අඟහරුවාදා, 05:40  

නැවත ඉහලට